පළාත් කිහිපයකට තද වැසි

Saturday, 02 September 2017 - 13:55

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ උතුරු, උතුරුමැද, සබරගමුව සහ දකුණු පළාත්වල මිලිමීටර් 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ දිවයිනේ බොහෝ පළාත්වලට අද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.  

මේ අතර, දෘෂ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දින දහවල් බංගදෙණිය, හෙයියාගම, ගෝනගම, ගස්සන්දළුපොත, කඹරව, දෙහිඅත්තකණ්ඩිය සහ කපුරැල්ල යන ප්‍රදේශවලට සූර්යයා ඉතා ආසන්නව මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories