ගීතා තවමත් රෝහලේ

Sunday, 03 September 2017 - 8:16

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
තම නිවසේදී ඊයේ දහවල් ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරීමෙන් දෑත්, උදරයේ සහ පාදවල පිළිස්සුම් තුවාල සිදුවූ ප්‍රවීණ සිනමා නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රිනිි ගීතා කුමාරසිංහ කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

ගීතා කුමරසිංහ මහත්මිය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ නිවසේ ගෑස් උඳුනක් පුපුරායාමෙන්.

අනතුරෙන් ඇයගේ දෑත්ල පාද සහ උදර ප්‍රදේශයේ පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා.

ඇයගේ තත්ත්වය බරපතළ නොවූවත් විෂබීජ සහ අනෙකුත් අතුරු ආබාධවලින් ආරක්ෂා කර ගැනීම සදහා ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.

පොලිසිය පැවසුවේ අනතුර සම්බන්ධයෙන් රෝහලෙන් ලද තොරතුරු පදනම් කර ගනිමින් වැලිකඩ පොලිසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පැමිණ ගීතා කුමාරසිංහ මහත්මියගේ සුවදුක් විමසා බැලුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories