මිසයිලයක රැදවිය හැකි න්‍යෂ්ටික බෝම්බයක් තමන් සතු බව උතුරු කොරියාව කියයි

Sunday, 03 September 2017 - 8:31

%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

හයිඩ‍්‍රජන් බෝම්බයක් ලෙස සැලකෙන එය උතුරු කොරියානු නායක කිම් ජොන් අං විසින් පරීක්ෂා කිරීමේ ඡායාරූප ද එරට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව මේවන විට සිය න්‍යෂ්ඨික අවි අතින් ඉහළ තලයකට පැමිණ ඇති බවයි.

කෙසේවෙතත් මිසයිලයකට සම්බන්ධ කළ හැකි න්‍යෂ්ඨික අවි නිශ්පාදනය කළ බව කියන කරුණ පිළිබඳ සැකයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙන්ම රටවල් රැසකින් දැඩි බලපෑම් එල්ලවුව ද උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් අඛණ්ඩවම සිදු කරමින් පවතිනවා.

ඔවුන් පසුගියදා නිවේදනය කළේ අමරිකාවට ළගාවිය හැකි මිසයිලයක් ද අත්හදා බැලු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories