37 ලක්ෂයකට අධික විදේශ මුදල් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Sunday, 03 September 2017 - 8:57

37+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් 37 ලක්ෂ 88,931 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන් තොටුපළ රේගුව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් විදෙස් ගතවීමට පැමිණි මොහු පිළිබදව සැක සිතී පරීක්ෂා කිරීමේදී ගමන් මල්ලේ තිබී මෙම විදේශ මුදල් තොගය සොයාගෙන තිබෙනවා.

ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, කටාර් රියාල්, කුවේට් ඩිනාර් ඇතුළු විදේශ මුදල් එහි තිබී ඇති අතර, අදාළ මුදල් තොගය රාජ සන්තක කිරීමට ගුවන් තොටුපළ රේගුව පියවර ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් නියම කොට මුදා හැර ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories