උතුරු කොරියාවේ ප්‍රබල කම්පනයක්

Sunday, 03 September 2017 - 10:12

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියා භූමිය ආශ්‍රිතව දැවැන්ත කම්පනයක් සිදුව තිබෙනවා.

අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම කම්පය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවයි.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකින් හටගත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙනවා.

මෙම කම්පනයත් සමග දකුණු කොරියාව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් ද වහාම කැඳවා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

දකුණු කොරියානු මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ මෙය කෘත්‍රිම භූ කම්පනයක් බවයි.

මීට පෙර එවැනි කම්පන වාර්තා වූ සෑම අවස්ථාවකදීම හෙළි වුයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීම හේතුවෙන් එම කම්පන සිදුව තිබු බවයි.

මේ අතර බැලිස්ටික් මිසයිලයක රැදවිය හැකි වඩාත් දියුණු න්‍යෂ්ටික අවියක් තමන් නිෂ්පාදනය කර ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.

හයිඩ‍්‍රජන් බෝම්බයක් ලෙස සැලකෙන එය උතුරු කොරියානු නායක කිම් ජොන් අං විසින් පරීක්ෂා කිරීමේ ඡායාරූප ද එරට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

උතුරු කොරියාව සඳහන් කලේ එම බෝම්බය බැලස්ටික් මිසයිලකට සවි කළ හැකි බවයි.

උතුරු කොරියා නායකයා අදාළ බෝම්බය පරීක්ෂා කරන ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත්වී පැය කිහිපයකට පසුවයි මෙම කම්පනය සිදුවී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories