උසස් පෙළ ප්‍රශ්ණ පිට කළ සිසුවා ඇතුළු තුනකට ඇප

Monday, 04 September 2017 - 11:22

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
උසස් පෙළ රසායන විද්‍යා විෂයට වංචනික ලෙස පිළිතුරු සැපයීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි සිසුවා, ඔහුගේ පියා සහ උපකාරක පන්ති ගුරුවරයාගේ පියා ඇප මත මුදා හැරීමට ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ අද (04) නියෝග කළා.

මොවුන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

එමෙන්ම මෙම සිසුවා මාර්ගයෙන් ලබාගත් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරීමේ චෝදනා එල්ල වූ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයා සහ ඔහුගේ සහෝදරයා යලිත් මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සම්බන්ධයෙන් අදාළ සිසුවාට දිවි ඇති තෙක් විභාග තහනමක් ද මේ වනවිට පනවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories