බස්නාහිරින් දෙවන වරටත් කල්යයි

Monday, 04 September 2017 - 13:08

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පළාත් සභාවට ඉදිරිපත් කිරීම කල් දැමීම සඳහා වන යෝජනාව දෙවන වරටත් බස්නාහිර පළාත් සභාවේදී අද (04) වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 77 ක් හිමි වූ අතර, විරුද්ධව හිමිවුණේ ඡන්ද 05 ක් පමණයි.

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ අනුව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 04 දෙනා සමඟ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජනක වැලිවත්ත මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා අදත් මෙම යෝජනාවට ඡුන්දය ලබාදීමෙන් වැළකී සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව අදාළ යෝජනාව ලබන සඳුඳා යළි පළාත් සභාවට ඉදිරිපත් කරන බවයි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

පසුගිය මස 28 වනදාද 20 වන සංශෝධනයට අදාළ කල්තැබීමේ යෝජනාව බස්නාහිර පළාත් සභාවේදී සම්මත වූයේ උණුසුම් තත්ත්වයක් හමුවේයී.

එහිදී පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡුන්ද 51 ක් හිමි වූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු 41 දෙනෙකු එදින සංශා්ධනය කල් දැමීමට එරෙහිව ඡන්දය භාවිත කළා.

එහෙත්, අද පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහොමයක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories