Update : හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Monday, 04 September 2017 - 14:00

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මේ මස 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව පිළිබද ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.

එම අවස්ථාවේදී අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

Update : Monday, September 4, 2017 15.35
---------------------------------------------------

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවටයි.

ඔහු අද (04) දිනයේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories