පරෙවියන් යොදා ගත් කුඩු ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිවේ

Tuesday, 05 September 2017 - 17:10

%E0%B6%B4%E0%B6%BB%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පරෙවියන් යොදාගෙන මත්කුඩු ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු අම්බලන්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හෙරොයින් අඩංගු මත්කුඩු පැකට් පරෙවියන්ගේ තටු තුළ සහ පාදයේ සූක්ෂම ලෙස සඟවා ජාවාරම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් අඩංගු මත්කුඩු පැකට් 6ක් ද පොලිස් භාරයට ගැනුණා.

අම්බලන්තොට - මැලේකොළණිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories