දුම්මලසූරිය පොලිසිය ගිය කාන්තාවක් අමුතු විරෝධයක (ඡායාරූප)

Wednesday, 06 September 2017 - 18:05

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දුම්මලසූරිය පොලිසිය වසා දමා ඇති බව පවසමින් කාන්තාවක් අද(06) දහවල් පොලිසිය ඉදිරිපිට හා පොලිසිය තුළ ප්‍රකෝපකාරි ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබුනා.

දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට කීප වරක් ඇතුළු වූ මේ කාන්තාව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනාත්මකව අමතව අයුරුද  අවට සිටි ජනතාවට දැකගන්නට ලැබුනා.

විනාඩි කීපයක් එලෙස හැසිරුණු මේ කාන්තාව මාදම්පේ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට පැමිණ බිම වැතිර විරෝධයක් පල කරන අයුරුද දැක ගන්න ලැබුනා.

මේ හේතුවෙන් මේ මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පසුව දුම්මලසූරිය පොලිසියේ කාන්තා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පැමිණ මේ කාන්තාව ඔසවාගෙන රැගෙන යන අයුරු දක්නට ලැබුනා.

මේ කාන්තාව පොලිසිය හා සම්බන්ධ කරුණකට විරෝධයක් පල කලත් එය කුමක්ද යන්න පැහැදිලි වී නැහැ.

කෙසේවෙතත් දුම්මලසූරිය පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම කාන්තාව යම් මානසික රෝගයකින් පෙලෙන බවට සැක කරන නිසා අධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories