ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Friday, 08 September 2017 - 10:31

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජපානයට අයත් බොනින් දිවයින් ආශ්‍රිතව අද උදෑසන ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි.

පැසිෆික් සාගරයේ පිහිටි බොනින් දිවයින් පෙළට අයත් ෂිමෝඩා දිවයින ආසන්නයේ මුහුදු පතුලේ කිලෝමීටර 450 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

කෙසේ නමුත් මේ නිසා සුනාමි අවදානමක් ප්‍රකාශයට පත්කර නැහැ.

2011 වසරේ මාර්තු මාසයේ ජපානයට බලපෑ රික්ටර් පරිමාණයේ 9 ක භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි රළ පහර හේතුවෙන් න්‍යෂ්ටික බලාගාර පිපිරුමක්ද සිදුවූ අතර, එහිදී මියගිය හෝ අතුරුදන්වූ සංඛ්‍යාව 18 000 කට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories