Update : ලොවම කළඹමින් ජපානය සහ මෙක්සිකෝව සෙලවෙයි

Friday, 08 September 2017 - 11:08

Update+%3A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙක්සිකෝවේ දකුණු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සුනාම් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.

මෙලෙස මෙක්සිකෝව, ගොත්මාලාව, පැනමා, එල් සැල්වදෝරය, කොස්ටරිකා, නිකරගුවා, හොන්ඩුරාස්, ඉක්වදෝරය යන රටවල් වලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව භූ කම්පනය සිදුවී පැය තුනකින් පමණ ඉහත සඳහන් රටවල් හි වෙරළ ආශ්‍රිතව සුනාමි තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ අදාළ භූ කම්පනය රික්ටර් පරිමාණයේ 8.0 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි.

මෙය මෙක්සිකෝව සහ ගෝතමාලාව අතර වෙරල දේශසීමාවේ සිදුවී ඇති අතර දෙරටේ අගනුවරවල්වලට මෙහි කම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ජපානයට අයත් බොනින් දිවයින් ආශ්‍රිතව අද උදෑසන ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි.

පැසිෆික් සාගරයේ පිහිටි බොනින් දිවයින් පෙළට අයත් ෂිමෝඩා දිවයින ආසන්නයේ මුහුදු පතුලේ කිලෝමීටර 450 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

කෙසේ නමුත් මේ නිසා සුනාමි අවදානමක් ප්‍රකාශයට පත්කර නැහැ.

2011 වසරේ මාර්තු මාසයේ ජපානයට බලපෑ රික්ටර් පරිමාණයේ 9 ක භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි රළ පහර හේතුවෙන් න්‍යෂ්ටික බලාගාර පිපිරුමක්ද සිදුවූ අතර, එහිදී මියගිය හෝ අතුරුදන්වූ සංඛ්‍යාව 18 000 කට අධිකයි.





Update : Friday, September 8, 2017 11.38
-----------------------------------------------------


මෙක්සිකෝවේ දකුණු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 8.0 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි.

මෙය මෙක්සිකෝව සහ ගෝතමාලාව අතර වෙරල දේශසීමාවේ සිදුවී ඇති අතර දෙරටේ අගනුවරවල්වලට මෙහි කම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුනාමි අවදානමක් සහ සිදුවී ඇති හානිය පිලිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නෑ.    

මීට අමතරව ජපානයට අයත් බොනින් දිවයින් ආශ්‍රිතව අද උදෑසන ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි.

පැසිෆික් සාගරයේ පිහිටි බොනින් දිවයින් පෙළට අයත් ෂිමෝඩා දිවයින ආසන්නයේ මුහුදු පතුලේ කිලෝමීටර 450 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

කෙසේ නමුත් මේ නිසා සුනාමි අවදානමක් ප්‍රකාශයට පත්කර නැහැ.

2011 වසරේ මාර්තු මාසයේ ජපානයට බලපෑ රික්ටර් පරිමාණයේ 9 ක භූ කම්පනයෙන් ඇතිවූ සුනාමි රළ පහර හේතුවෙන් න්‍යෂ්ටික බලාගාර පිපිරුමක්ද සිදුවූ අතර, එහිදී මියගිය හෝ අතුරුදන්වූ සංඛ්‍යාව 18 000 කට අධිකයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories