සරසවි සිසුවියක් කළුතර පාලමෙන් ගඟට පනී

Friday, 08 September 2017 - 11:51

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
සරසවි සිසුවියක් අද කළුතර - පාලම මතින් කළු ගඟට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළා.

කෙසේ වෙතත්, ආපදා සහන මෙහෙයුම් සඳහා පැමිණ සිටි නාවික හමුදාවේ පිරිසක් කඩිනමින් එම සිසුවිය මුදාගෙන ඇති අතර, පසුව කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

23 හැවිරිදි ඇය ගාල්ල - ඉමදුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මෙම සිසුවිය කළු ගඟට පැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories