එල් ටී ටී ඊ ය සඟවා තිබු ඉන්ධන ටැංකියක් හමුවෙයි (ඡායාරූප)

Friday, 08 September 2017 - 17:43

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+%E0%B6%A7%E0%B7%93+%E0%B6%8A+%E0%B6%BA+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
එල් ටී ටී ඊ සංවිධානය විසින් ඉන්ධන ගබඩා කළ තෙල් ටැංකියක් කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ප්‍රදේශයේ පැරණි එල් ටී ටී ඊ කඳවුරක් අසල වලදමා තිබියදී මෙම ඉන්ධන ටැංකිය හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී එය සොයාගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම ඉන්ධන ටැංකිය තුල ලීටර් 30000 ක් පමණ ගබඩා කළ හැකි බවයි.

මෙම ස්ථානයේ වෙනත් පුපුරණ ද්‍රව්‍ය පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් බෝම්බ නිශ්ක්‍රීය අංශ යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.


ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories