පොළොන්නරුවේ අනතුරකින් දෙදෙනෙකු මරුට

Saturday, 09 September 2017 - 17:12

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් යතුරුපැදියක ගමන් කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම 1.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හිගුරක්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් එම දිශාවටම ධාවනය වු යතුරුපැදියේ ගැටී ඇතැයි සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිය පැදවු පුද්ගලයා මරණයට පත්වුනා.

අලුයම 3.10 ට පමණ පසුපැදිකරු ද මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ පින්පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 සහ 59 හැවිරිදි දෙදෙනෙක්.

අනතුරින් පසු පළාගිය කැබ් රථයේ රියදුරා අද දහවල් පොළොන්නරුව පොලිසියට භාරවී තිබෙනවා.

ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදී තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories