දේපළ කොල්ලකෑමේ නිරත පුද්ගලයන් 06ක් අත්අඩංගුවට

Monday, 11 September 2017 - 9:28

%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+06%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දිවයිනේ විවිධ ප්‍රදේශවල දේපළ කොල්ලකෑම්වල නිරතවූ හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාළඹේ, බලන්ගොඩ, බියගම සහ කුලියාපිටිය, දෙකටන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේයි.

කුලී පදනම මත ලබාගත් මෝටර් රථවලින් නිවෙස්වලට ගොස් ආයුධ පෙන්වා නිවැසියන් බිය ගන්වා මුදල් සහ දේපළ කොල්ලකෑම්වල සැකකරුවන් නිරතව ඇති බවටයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් සමඟ ජීප් රථයක්, මෝටර් රථයක්, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණකයක්, කඩුවක් සහ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories