විදුලි සේවක නිවාඩු අවලංගුයි, වෛද්‍ය වර්ජනය නිසා රෝහල් කටයුතුවලට අදත් බාධා (ඡායාරූප)

Wednesday, 13 September 2017 - 13:05

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිිමින් විදුලිබල මණ්ඩල සේවකයින් මේ වනවිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වර්ජනයට තම සංගමය සහය පළ නොකරන බවයි විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියේ.

වර්ජනය අද සිට දින දෙකක් පුරා ක්‍රියාත්මක කෙරෙන අතර මේ හේතුවෙන් විදුලි බිද වැටීම් සිදුවිය හැකි බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.  

විදුලි සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් සියලු සේවකයින්ගේ  නිවාඩු අද සිට ලබන 20 වනදා දක්වා අවලංගු කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

හදිසි විදුලි බිද වැටීමක් හෝ නඩත්තු කටයුත්තක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා වෙනත් සේවකයින් අනුයුක්ත කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.  

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොනරාගල සහ මාතර දිස්ත්‍රික්කවල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයන්හි රෝහල්වල කටයුතුවල බාහිර සහ සායනික ප්‍රතිකාර කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද අද දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක නිරත වනවා.

ඒ යාපනය නගර සභාවේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 05 දෙනෙකු අත්තනෝමතික ලෙස ස්ථානමාරු ලබාදීමට විරෝධය පළ කරමින්.





ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර  / වව්නියාව රොමේෂ් මධුසංක, මාධව කුලසූරිය



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories