කොටි වල දැමූ බෝම්බ ගොඩ එයි (ඡායාරූප)

Wednesday, 13 September 2017 - 16:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද අත්බොම්බ තොගයක් වව්නියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියෙකුගේ ගෙවත්තක වලදමා තිබියදී අද (13) සොයාගත් බවට වව්නියාව පොලීසිය පවසනවා.

අදාල වැසියා වසර ගණනාවකට පසුව සිය ගෙවත්ත එලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ බෝම්බ තොගය දැක ඒ බව වව්නියාව පොලිසියට දැනුම් දී තිබෙනවා.
 
පසුව වව්නියාව පොලිසිය එම් ස්ථානයට ගොස් සිදු කරන ලද සෝදිසි කිරීම් වලින් පසුව පොලිතින් කවර වල දමන ලද අත්බොම්බ තුනක් හමු වී ඇති අතර එම අත්බොම්බ දැඩි සේ දිරාපත්ව තිබූ බවයි සඳහන් වන්නේ.

යුද සමයේ දී කොටි සංවිධානය විසින් අදාල ස්ථානයේ මෙම අත්බෝම්බ තොගය වලදමන්නට ඇති බවට පොලිසිය සැක පලකරනවා.
 
කෙසේ වෙතත් හමු වූ අත් බෝම්බ තොගය පිළිබව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට දැනුම් දී වව්නියාව අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
 


වව්නියාව -රොමේෂ් මධුෂංඛ/වව්නියාව - මාධව කුලසූරිය/ දිනසේන රතුගමගේ




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories