update: යෝෂිතගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි

Thursday, 14 September 2017 - 13:09

update%3A+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

ඔහු අද එහි පැමිණියේ් මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමින් ගල්කිස්ස - මිහිඳු මාවතේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන - කෙකටිය ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.

Thursday, 14 September 2017 - 14.58
----------------------------------------------------------------------------------
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ ඔහුගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමින් ගල්කිස්ස - මිහිඳු මාවතේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන - කෙකටිය ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පෙරවරු 11.30 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි යෝෂිත රාජපක්ෂගෙන් මේ වනවිටත් ප්‍රකාශය ලබාගනිමින් පවතින බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 12 වනදා යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ අතර එහිදී ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණා.

ඒ අනුවයි ඔහු අද දිනයේ මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියේ.

මේ අතර යෝෂිත රාජපක්ෂගේ මිත්තණියගෙන් ලබන 20 වනදා මෙම පරීක්ෂණයට අදාළව වැඩිදුර ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories