විදුලිබල මණ්ඩල සේවකයන්ට අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Thursday, 14 September 2017 - 21:43

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සේවා අවශ්‍යතා මත ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත හා පරිවාස සේවා කාලය තුළ සිටින සියලු සේවකයින් හෙට පෙරවරු 8.30ට පෙර තම සේවා ස්ථාන වෙත අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පවසනවා.

අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ එලෙස සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවයි.

මේ අතර විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාව අසාර්ථක වූ බැවින් අඛණ්ඩව තම වර්ජනය ක්‍රියාත්මක කරන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

තම ඉල්ලීම් පිළිබඳව විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලි වෘත්තීය සමිති අද (14) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත්, තම ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වූ බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

වැටුප් විෂමතා ඉවත් කර හයට එක අනුපාතයට වැටුප් තල සකස් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි විදුලි සේවකයින් වර්ජනයේ නිරත වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories