සැමියා විසින් දෙදරු මව ඝාතනය කරයි (ඡායාරූප)

Friday, 15 September 2017 - 10:26

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට පහල අන්දරවැව දිමුතුගම පෝෂිත ඇළ ප්‍රදේශයේදී ඊයේ (14) සවස 6.30 ට පමණ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව හම්බන්තොට පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වීරක්කොඩි ගුරුසිංහලාගේ ඉරේෂා ශ්‍යාමලී නැමති වයස අවුරුදු 27 ක පමණ දෙදෙරු මවක්.

මෙම කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා මීට ඉහතදී ඇය අතහැර ගොස් ඇති අතර ඇය දරුවන් දෙදෙනා සමග එකට ජිවත් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඇයගේ සැමියා විසින් මෙම ඝාතනය කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදු කරන බවත් හම්බන්තොට මුලස්ථාන පොලිසිය ප්‍රකාශ කළා.


ඡායාරූප - හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories