රෝහලට ගෙනා හදවත් රෝගියා, විදුලිය නැති නිසා අතරමගදී මියයයි (ඡායාරූප)

Friday, 15 September 2017 - 11:38

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විදුලිය විසන්ධි වීම නිසා රෝහලකින් රෝහලකට හෘද රෝගියකු මාරු කරන අවස්ථාවේ අතරමග දී රෝගියා මියගිය පුවතක් හිඟුරක්ගොඩින් වාර්තා වනවා.

හිඟුරක්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක එම්. ජී. සුනිල් කරුණාරත්න(56) මෙසේ මිය ගියා.

හිඟුරක්‌ගොඩ රජයේ රෝහලට ඊයේ(14) අලුයම 3.30 ට පමණ ඔහුව බිරිඳ විසින් ත්‍රි රෝද රථයකින් රැගෙන ආ අවස්‌ථාවේ රෝහලේ විදුලිය විසන්ධි වී තිබූ    බවයි වාර්තා වන්නේ.

මේ නිසා නිසි  ප්‍රතිකාර ලබාදීමට නොහැකිවීම හේතුවෙන් වෛද්‍ය උපදෙස්‌ මත ත්‍රි රෝද රථයෙන් ම පොළොන්නරුව මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර අතරමග දී හිතවතෙකුගේ මෝටර් රථයක නංවාගෙන යාමේ දී මියගොස්‌ තිබෙනවා.

හිඟුරක්‌ගොඩ රජයේ රෝහලේ විදුලි උත්පාදන යන්ත්‍රය ද ඒ අවස්ථාවේ ක්‍රියා විරහිත වී තිබු බව සඳහන්.

හිඟුරක්‌ගොඩ, කුමාරගම පදිංචි එක්‌ දරු පියකු වන හිඟුරක්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක එම්. ජී. සුනිල් කරුණාරත්න, හෘදයාබාධය වැළඳී ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙනවිත් ඇත්තේ හිඟුරක්‌ගොඩ රෝහලේ සිට කිලෝමීටර් 03 ක්‌ පමණ දුරින් පිහිටි ඔහුගේ නිල නිවසේ සිටයි.

එම අවස්‌ථාවේ රෝගියා හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබාදීමට විදුලිය නොමැති හෙයින් පොළොන්නරුව මහ රෝහලට රැගෙන යන ලෙසයි  වෛද්‍යවරයා උපදෙස්‌ දී ඇත්තේ.

මේ නිසා කිලෝමීටර් 18 ක්‌ පමණ දුර ගෙවා පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ආ බවත් රෝහලට ඇතුළු කිරීමට පෙර ඔහු මියගොස්‌ ඇති බවත්  පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් පැවසු බවත්  රෝගියා රැගෙන ගිය භාරකරුවෝ කියා සිටියා.

අප වාර්තාකරු විමසීමේ දී හිඟුරක්‌ගොඩ රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් විමලරත්න පවසා ඇත්තේ, එම රෝගියා රැගෙන එන අවස්‌ථාවේදී රෝහලේ විදුලිය විසන්ධි වී තිබූ බවත් විදුලි බල මණ්‌ඩල සේවක වැඩ වර්ජනය නිසා එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වූ බවයි.

රෝගියා හිඟුරක්‌ගොඩ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ආ අවස්‌ථාවේ රාජකාරි කරමින් සිටි වෛද්‍යවරයා රෝගියාව පොළොන්නරුව මහ රෝහලට රැගෙන යන ලෙස භාරකරුවන්ට උපදෙස්‌ දී ඇත්තේ ඊ. සී. ජී. වාර්තා ආදිය ලබා ගැනීමට විදුලිය පහසුකම් නොමැති නිසා බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම රෝහල සතුව විදුලිය ජනක යන්ත්‍රයක්‌ ද (ජෙනරේටර්) තිබෙන නමුත් එයද ක්‍රියාවිරහිත වීමෙන් අලුත්වැඩියාවට යොදවා තිබූ බවයි  දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරිවරයා පවසා ඇත්තේ





පොලොන්නරුව - සමීර දනංජය/ හිඟුරක්ගොඩ - කරුණාරත්න ගමගේ/මින්නේරිය-රසාංග නිරෝෂන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories