වර්ජනය නවතා වැඩට එන්න - විදුලිබල ඇමතිගෙන් සේවකයින්ට ආයාචනයක්

Saturday, 16 September 2017 - 19:11

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදුලිබල මණ්ඩලය තුළ ඇති අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් විදුලි පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුනොකරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා.

රුවන්වැල්ලේ අද (16) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ කීර්තිනාමය ආරක්ෂා කර ගනිමින් සේවයට වාර්තා කරන ලෙසයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් අද කොළඹදී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අමාත්‍යවරයා කුමක් ප්‍රකාශ කළත්, විසඳුම්වලින් තොරව තමන් වර්ජනය අත්නොහරින බවයි.

පසුගිය 13 වනදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇණ හිටීම් ද වාර්තා වුණා.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ අඛන්ඩ විදුලි සැපයුම වෙනුවෙන් වර්ජනයට සහභාගි නොවන සේවකයන් යොදා එම බිද වැටීම් යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා අති බවයි.

මෙම තත්ත්වයට දිගින් දිගටම මුහුණදීමට සිදුවුවහොත් ඕනෑම අවස්ථාවක අඛන්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් මැදිහත්වීමට යුද හමුදා භට කණ්ඩායම් ද සූදානම් කොට ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරියට වැටුප් ගෙවීමේදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories