බොරලන්දේ කොස්තාපල්වරයා දිවි නසා ගැනීමට හේතුව හෙළිවේ

Saturday, 16 September 2017 - 19:06

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයා සියදිවි හානිකර ගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක් බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයේදී මෙම තොරතුරු හෙළි වී ඇති බවයි.

දිවිනසා ගැනීමට පෙර ඔහු සිය ෆේස්බුක් සමාජජාල ගිණුමේ සිය මව සහ පෙම්වතිය ආමන්ත්‍රණය කරමින් සටහන් කිහිපයක් ද තබා තිබෙනවා.

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඇතුළුවීමේ දොරටුව අසල ආරක්ෂක කුටියේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා අද (16) උදෑසන 06 ට පමණ මෙලෙස සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.

ඔහු 23 හැවිරිදි අම්පාර - වීරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම තරුණ කොස්තාපල්වරයා එම ප්‍රදේශයේම තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහෙත් පසුගිය මාස කිහිපය තුළ දෙදෙනා අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් මත ගැටුම් හටගෙන ඇති බව සදහන්.

මෙම කොස්තාපල්වරයාගේ මියයාමට පෙර සිය ෆේස්බුක් සමාජජාල ගිණුමට ඇතුළත් කළ සටහනෙන් ඔහු ජීවිතය පිළිබද කළකිරී සිටින බවට ඉගි කර තිබෙනවා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ තමන් සිදුකළ වැරදි වෙනුවෙන් දඬුවම් විඳීමට සූදානම් අතර, සියල්ලන්ගෙන් සමු ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories