බංග්ලාදේශය, රොහින්ග්‍යා සරණාගතයන්ට සීමා පැනවීමට සැරසේ

Sunday, 17 September 2017 - 8:08

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
මියන්මාර - රඛීනේ ප්‍රාන්තයේ සිට දේශසීමාව හරහා තම රටට පලා ආ හාර ලක්ෂයක් පමණ වූ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සීමාවන් පැනවීමට බංග්ලාදේශ රජය සැරසෙනවා.

මියන්මාර දේශසීමාව ආසන්නයේ පිහිටි කොක්ස් බසාර් නගරයේ රොහින්ග්‍යාවරුන් සඳහා තාවකාලික කඳවුරු ඉදිකිරීමටද ඔවුන් පියවර ගනිමින් සිටින බව සඳහන්.

කෙසේ නමුත් මියන්මාරයේ සිට පැමිණෙන සරණාගත ප්‍රවාහය උත්සන්න වීමත් සමග ඔවුන්ගේ සංසරණය සීමා කිරීමට බංග්ලාදේශ රජය සූදානම්.

ඒ අනුව රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඔවුන් සඳහා ඉදි කෙරෙන තාවකාලික කඳවුරුවල රැඳී සිටිය යුතු අතර, බංග්ලාදේශයේ වෙනත් ප්‍රදේශ වෙත යාමට අවසර ලැබෙන්නේ නැහැ.

බෙදුම්වාදී රොහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායමක් පසුගිය මාසයේ එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව මියන්මාර හමුදා ඔවුන්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.

ඉන් අනතුරුවයි ලක්ෂ සංඛ්‍යාත රොහින්ග්‍යාවරුන් මියන්මාරය හැර බංග්ලාදේශයට පලා එන්නේ.

එහිදී මියන්මාර හමුදා ජන සංහාරයක නිරතවන බවට ජගත් සංවිධානය චෝදනා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories