පරන්තන් ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු කපා දමයි (ඡායාරූප)

Monday, 18 September 2017 - 6:55

%E0%B6%B4%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(17) සවස කපා දැමීමේ සිදුවීමෙන් අනතුරුව පරන්තන් ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් හටගත් බව පරන්තන් ප්‍රදේශවාසීන් පවසනවා.

පරන්තන් ප්‍රදේශවාසීන් පැවසුවේ පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා දැමු පුද්ගලයෙකු පරන්තන් ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක් හරහා පැනයාම හේතුවෙන් අදාළ උණුසුම් තත්වය හටගෙන ඇති බවයි.

අදාළ සිදුවීමට යුධ හමුදා සම්බන්ධයක් පවතින්නේදැයි සැක මත ප්‍රදේශවාසීන් පරන්තන් යුධ හමුදා කදවුර ඉදිරිපිට රැස්ව සිටි බවද ප්‍රදේශවාසීන් පවසනවා.
 
සිදුවීමෙන් අනතුරුව පරන්තන් යුධ හමුදා කදවුර වෙත අමතර යුධ හමුදා සාමාජිකයින් පිරිසක් කැදවා තිබු බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූහ.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ ඊයේ(17) සවස කිසියම් කණ්ඩායමක් පරන්තන් ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමා ඇති බවයි.

කැපුම් තුවාල ලැබුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවි ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය සදහන් කළා.



වවුනියාව -මාධව කුලසූරිය



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories