විදුලිය නැති වෙලාවේ බෙහෙත් වෙනුවට දැරියට වස පෙවිලා (ඡායාරූප)

Monday, 18 September 2017 - 8:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%B4%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෛද්‍ය නිර්දේශ මත සිව් හැවිරිදි දැරියකට ලබා දීමට තිබූ පිරිටන් නමැති දියරමය බෙහෙත වෙනුවට වෙනත් දියරයක් ශරීරගත වී එය විෂ වීම හේතුවෙන් එම දරුවා මියගිය පුවතක් සාම්පූර් පොලිසිය පවසනවා.

එම බෙහෙත් බෝතලය තිබූ ස්ථානයේම තිබූ එයට සමාන බෝතලයක මෙය තිබී ඇති බවත් එය පානය කිරීමෙන් අනතුරුව දරුවාට බඩේ අමාරුවක් සෑදී මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.  

මෙසේ මියගොස් ඇත්තේ මුතූර් කට්ටපරිච්චාන් ප්‍රදේශයේ පදිංචි සිටි කාන්දන් නස්මි නමැති සිව් හැවිරිදි දරුවෙක්.

තවත් දින කිහිපයකින් දැරියගේ උපන්දිනය යෙදී තිබූ බවත් වාර්තාවනවා.

මියගිය දැරිය පවුලේ එකම දරුවා වනවා.

මෙම සිද්ධිය වන අවස්ථාවේ විදුලි බලය නොතිබූ බවද මියගිය දැරියගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.   



ත්‍රිකුණාමලය - අබ්දුල් සලාම් යාසිම්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories