තුන්වන සාකච්ඡාවත් අසාර්ථකයි - විදුලි වර්ජනය 07වන දිනටත්

Tuesday, 19 September 2017 - 7:44

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+07%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
සිය යෝජනාවලට විසඳුම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව විදුලි සේවකයින් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර, ඊයේ දිනයේදී කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සමඟ පැවැති සාකච්ඡා වට දෙක ද විසඳුමකින් තොරව අවසන් වූ බවයි විදුලි වෘත්තීය සමිති හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඊයේ පස්වරුවේ පැවැති මෙම සාකච්ඡාව පළමුව විසදුමකින් තොරව අවසන් වූයේ එම සාකච්ඡාව සඳහා විදුලි ඉංජිනේරු සංගමය කැදවීමේ අවශ්‍යතාව මතයි.

පසුව විදුලි ඉංජිනේරු සංගමය ද සාකච්ඡාවට පැමිණීමෙන් පසු යළිත් සාකච්ඡාව ආරම්භ වුණා.

අනතුරුව එම සංගමයේ යෝජනා ද ඉදිරිපත් කර ඇති අතර, අනතුරුව ඔවුන් ඉවත්ව ගොස් තිබුණා.

විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවයි.

වර්ජනයත් සමඟ ප්‍රදේශ කිහිපයකින් විදුලි බිද වැටීම් වාර්තා වුවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් බොහොමයක් කඩාකප්පල්කාරී ක්‍රියාවන් බවයි.

අම්පාර, අගලවත්ත, පදියතලාව, පුත්තලම ආදී ප්‍රදේශවල විදුලි විසන්ධිවීම් දින කිහිපයක සිට පවතින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මීට පෙර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ආමත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වර්ජනයේ නිරත සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙසටයි.

ඒ වර්ජනයේ නිරත වූ පසුගිය 14 සහ 15 යන දින දෙක වැටුප් සහිත නිවාඩු ලබාදෙන බවට ප්‍රකාශයක් ලබාදෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories