සිය යෝජනාවලට විසඳුම් ලබාදීම සඳහා අද දිනයේදී සාකච්ජාවකට කැදවා නොමැති බැවින් තවදුරටත් වර්ජනයේ නිරත වන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.
මේ අතර, වර්ජනය හේතුවෙන් විසන්ධි වී විදුලි සැපයුම යථා තත්වයට පත් කරන ලෙස ඉල්ලමින් මින්නේරිය ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව අද මින්නේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වුණා.
අර්බුදය සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සමඟ ඊයේ දිනයේදී සාකච්ඡාවේ නිරත වුවද එය විසඳුමකින් තොරව අවසන් වූ බවයි විදුලි වෘත්තීය සමිති සඳහන් කළේ.
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ තම ඉල්ලීම්වලට විසදුම් ලබා දෙන තුරු අද හත්වන දිනටත් වර්ජනයේ නිරත වන බවයි.
මේ අතර, අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයකින් විදුලිය විසන්ධි වීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.
විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ කොන්ත්‍රාත් සේවකයන් යොදවා හැකි අයුරින් විුදලිය බිද වැටීම් යථා තත්ත්වයට පත් කරන බවයි.
එමෙන්ම මින්නේරිය ප්‍රදේශයේ රොටවැව සහ සමගිපුර යන ගම් දෙකෙහි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වූයේ විසන්ධි වී ඇති විදුලිය යලි සකස් කර දෙන ලෙස ඉල්ලමින්.
මේ හේතුවෙන් පොලොන්නරුව - හබරණ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වුණා.

Follow US
Most Viewed Stories