විදුලියට අලූත් සේවකයින් බඳවාගැනීමේ සූදානමක්

Tuesday, 19 September 2017 - 13:19

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා ලංකා විදුලිබල මණ්ඩලයට නවක සේවකයින් බදවා ගැනීම ගැනීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා හෙට සිට සම්මුඛ පරීක්ෂණ පවත්වන බවයි.

මේ අතර විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳව එහි කැඳවුම්කරු රංජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් කියා සිටියේ ඉදිරියේදී අනිද්දා පවුල්වල සාමාජිකයින්ද සමග කොළඹට විදුලිබල අමාත්‍යාංශය වටලන බවයි.

අදත් ප්‍රදේශ කිහිපයකින් විදුලිය විසන්ධි වීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ කොන්ත්‍රාත් සේවකයන් යොදවා හැකි අයුරින් විදුලිය බිද වැටීම් යථා තත්ත්වයට පත් කරන බවයි.

එමෙන්ම මින්නේරිය, රොටවැව සහ සමගිපුර යන ගම්මානවල ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වූයේ විසන්ධි වී ඇති විදුලිය යලි ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් පොලොන්නරුව - හබරණ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories