දුම්රිය සේවකයන් මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Wednesday, 20 September 2017 - 7:36

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයක නිරතවීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සූදානම් වනවා.

වැටුප් සම්බන්ධයෙන් ජාතික වැටුප් හා සේවක කොමිසන් සභාවේ සභාපතිවරයා සමග වෘත්තීය සමිති සන්ධානය ඊයේ සාකච්ඡා කළද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ නමුත් අද දිනයේදී අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපති ලේකම්වරයා සිය ඉල්ලීම්වලට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ග අත්හරින බවයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories