ඉංජිනේරුවන් හැර අනෙකුත් සියලුම සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට විදුලිබල මණ්ඩලයේ ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය ඊයේ රාත්‍රියේ තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් සහ තාක්ෂණික නොවන සේවාවන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ලබාදීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
මෙම වැටුප් වැඩිවීම මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, 8 වන දිනටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ.
අද මධ්‍යහ්න 12 වනවිට තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් හෙට දහවල් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වටලන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, දිවයිනේ විදුලි සේවා මේ වනවිට සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අවධාරණය කළේ කිසිදු කරුණක් මත විදුලි පාරිභෝගික ජනතාවට ගැටළු සහගත තත්වයන් ඇතිවීමට ඉඩ නොතබන බවයි.
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියද නොරොච්චෝලේ, කෙරවලපිටිය ඇතුලු බලාගාර සියල්ල සාමාන්‍ය තත්වයෙන් ක්‍රියාත්මක බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් වාර්තාවුවද ඒවා යථා තත්වයට පත් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

Follow US
Most Viewed Stories