යාපනයේ පුද්ගල ඝාතනයක්

Wednesday, 20 September 2017 - 14:38

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යාපනය නාවලර් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ කිසියම් පිරිසක් කළ මෙම පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ පුත්‍රයා තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යතුරුපැදි 4 කින් පැමිණි 8 දෙනෙකු නාවලර්වීදිය සංගිලියන් පිළිරුව අසලදී මෙම දෙදෙනාට පහරදී පළාගොස් තිබෙනවා.

එහිදී නාවලර් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු මරණයට පත්වු අතර ඔහුගේ 18 හැවිරිදි පුත්‍රයා තුවාල ලැබුවා.

ඔහු යාපනය රෝහලට ඇතුලත් කෙරුනා.

පොලිසිය සඳහන් කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතුව වී ඇතැයි මුලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.

සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories