දින 8 ක් පුරා විදුලිබල වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද රාත්‍රි 8ට පමණ අවසන් කෙරුණා.
ඒ, ඉංජිනේරුවන් හැර අනෙකුත් සියලුම සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලය තීරණය කිරීමෙන් පසු වෘත්තීය සමිති කම්කරු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
විදුලිබල වෘත්තිය සමිති පසුගිය 13 වැනිදා ආරම්භ කළ වර්ජනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලය ඊයේ තීරණය කළේ ඉංජිනේරුවන් හැර තාක්ෂණ නිලධාරීන්ට 13% ක සහ තාක්ෂණික නොවන සේවකයින්ට 6%ක වැටුප් වැඩිවීමක් ලබාදීමටයි.
මෙම වැටුප් වැඩිවීම මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.
මේ අතර, අද පස්වරුවේ විදුලිබල වෘත්තිය සමිති සහ කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී විදුලි බල වෘත්තීය සමිති සහ විදුලි බල මණ්ඩලය ගිවිසුමකට එළැඹීමට තීරණය කළත් එහි ඇතැම් වගන්තිවලට වෘත්තීය සමිති විරෝධය පළ කිරීමත් සමග ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
එම වගන්ති සංශෝධනය කිරීමෙන් අනතුරුව පැය 7 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව අවසන් වුණා.
ඒ වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති නායකයින් එකඟත්වය පළ කිරීමත් සමගයි.

Follow US
Most Viewed Stories