සයිටම් විරෝධී වෛද්‍ය වර්ජනය ඇරඹෙයි (ඡායාරූප)

Thursday, 21 September 2017 - 8:03

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය සමිති රැසක් එක්ව අද උදෑසන අටේ සිට දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ ආයුර්වේද වෛද්‍ය, දන්ත වෛද්‍ය, ගුරු, විදුහල්පති, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලූ සංගම් කිහිපයක් මෙම වර්ජනය සඳහා සහය දක්වන බවයි.

මෙයට සහයෝගය පළ කරමින් වවුනියාව රෝහල් වෛද්‍යවරුන්ද අද(21) උදැසන සේවයට වාර්තා කර නොමැති බව අප වාර්තාකරු පවසනවා.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මහත් අපහසුතාවයට පත්වු බව රෝගීන් පවසනවා.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වු රෝගීන් නැවත ආපසු නිවෙස් කරා හැරී යන ආකාරයක්ද දක්නට ලැබුණ බවයි අප වාර්තාකරු පැවසුවේ.



වව්නියාව - මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories