ලබන සතියේ දැදුරු ඔය පාලම වැසේ

Thursday, 21 September 2017 - 14:01

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ලබන 25 වනදා සිට 30 වනදා දක්වා දැදුරු ඔය පාලම ගමනාගමන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම වසා තැබීමට නියමිතයි.

අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ පිහිටි දැදුරු ඔය පාලම මෙලෙස තාවකාලිකව වසා තැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව එම කාලසීමාව තුළ යතුරුපැදි ත්‍රිරෝද රථ ඇතුලූ සැහැල්ලූ වාහන සදහා පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ බලල්ල හරහා නිකවැරටිය මාර්ගය ද, බර වාහන පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ දළදාගම හරහා නිකවැරටිය මාර්ගය ද භාවිතා කළ යුතුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories