අරවින්ද ද සිල්වාගෙන් පැමිණිල්ලක්

Thursday, 21 September 2017 - 16:54

%E0%B6%85%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
තම නම භාවිතා කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අරවින්ද සිල්වා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එම ව්‍යාජ ෆේස්බුක් ගිණුම තුළින් තමා පිළිබදව වැරදි ප්‍රවෘත්ති පළ කර ඇති බව පවසමින්.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළ බවයි ඔහු කියාසිටියේ.

තමන්ට ෆේස් බුක් හෝ කිසිදු සමාජ මාධ්‍ය ගිණුම් නොමැති බව  හිරු වෙත අවධාරණය කළ අරවින්ද ද සිල්වා අවධාරණය කළේ මෙවැනි ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නන්ට එරෙහිව ඒවාට මුහුණ දුන් අය අනිවාර්යයෙන් පැමිණිලි කළ යුතු බවයි.

විශේෂයෙන් මෙවැනි කරුණු හමුවේ දරුවන් සියදිවි නසා ගැනීම් වැනි සිද්ධීන් ද වාර්තාවන බැවින් එලෙස පැමිණිලි කිරීම අතිශය වැදගත් බවයි ඔහු අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories