ප්‍රධාන පක්ෂ දෙක එකඟ නම් නව ව්‍යවස්ථාවට, දෙමළ සන්ධානයේත් සහය

Thursday, 21 September 2017 - 19:17

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම හතා අද ඉදිරිපත් කළා.

ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක එකඟ වන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ද අතුරු වාර්තාවේ කොන්දේසිවලට එකඟ වන බව එය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු මෙහෙයුම් කමිටු වාර්තාව මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ නිරීක්ෂණ ද සහිතව පිටු 28 කින් සමන්විතයි.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බවත් රට බෙදීම වැළැක්වීම සඳහා වන විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවත් මෙහෙයුම් කමිටුවේ නිර්දේශයයි.

බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය වෙනස් නොවිය යුතු බවත් සෙසු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් වෙන්කොට සැලකීමකින් තොරව කටයුතු කිරීම ද රජයේ වගකීම විය යුතු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය සංශෝධනය කළ යුතු බව මෙහෙයුම් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව වැඩි අවධානයක් යොමු කර ඇති අතරල අනුපූරකතා මුල ධර්මය අනුව පළාත් පාලන ආයතනවලට පුළුල් බලය පැවරිමක් සිදුවිය යුතු බව අතුරු වාර්තාවේ සදහන්.

බලය බෙදාහැරීම ප්‍රධාන ඒකකය පළාත විය යුතු බවත් පළාත් පාලන ආයතන රජයේ තුන්වන ස්ථරය ලෙස මෙම වාර්තාව මගින් හඳුන්වා දී තිබෙනවා.

සියලු රාජ්‍ය ඉඩම් ජනරජය සතු විය යුතු බවත් පළාත් සභාවන්හි කාර්යයන් සඳහා රජයේ ඉඩම් ලබාගැනිම සදහා මධ්‍යම රජය සමග සාකච්ඡා කොට ඒවා නිදහස් කරගත යුතු බවත් මෙහෙයුම් කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ඉඩම් පරිහරණය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ජාතික ඉඩමක් කොමිසමක් පිහිටුවීම ද මෙහෙයුම් කමිටුවේ තවත් නිර්දේශයක්.

පළාත්වලට නියෝජනයක් ලැබෙන ආකාරයට දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කළ යුතු බව මෙහෙයුම් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

සාමාජිකයන් 55 දෙනෙකුගෙන් සමන්විත දෙවන මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් 45 දෙනෙකු පලාත් සභාවලින් ද 10 පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගනු ඇති.

මැතිවරණ ක්‍රමය මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයක් විය යුතු බවත් පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රණ සභාව මන්ත්‍රීවරුන් 233 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවත් අතුරු වාර්තාවේ සඳහන්.

වත්මන් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට මෙහෙයුම් කමිටුවේ පොදු එකඟතාවක් තිබී ඇති අතර, නියමිත ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් තෝරාපත්කරගත යුතු බව එහි නිර්දේශයයි.

අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීම සඳහා විකල්ප 3 ක් මෙහෙයුම් කමිටුවේදී සැලකිල්ලට ලක්කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සෘජුවම ඡන්දයකින් තෝරාපත්කර ගැනීම, පූර්ව නම් කිරීමෙන් අග්‍රාමාත්‍යවරයා නම් කිරීම සහ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය එම විකල්පයි.

මෙම අතුරු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ මෙය ව්‍යවස්ථා කෙටුම්පතක් සදහා වන නෛතික ලියවිල්ල සාකච්ඡා කිරීම සදහා පදනම් කරගත හැකි ලියවිල්ලක් පමණක් බවයි.

අග්‍රාමාත්‍යවරයා එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ පිළිබදව අදහස් පළ කළා.

දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සිය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොරොන්දු වී ඇති බලය බෙදීමක් සදහා මෙමගින් අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

එමෙන්ම, සියලූ ජාතීන්ට එකසේ වරප්‍රසාද හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

මීට අමතරව ප්‍රධාන පක්ෂ දෙක නව ව්‍යවස්ථාව සම්පාදනයට එකඟ නම් දෙමළ සන්ධානයේ සහය ඊට හිමිවන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

අනතුරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ඉදිරිපත් කළ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ද සිය පක්ෂයේ මතය ද ඉදිරිපත් කරනු ලැබුවා.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශයට පත් කරනවිට අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා අමාත්‍ය මනෝ ගනේෂන් එයට අදහස් ඉදිරිපත් කිරීමත් සමග ව්‍යවස්ථාදායක සභාව තුළ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories