ආණ්ඩුව ඡන්ද පැවැත්වීම මග හැරීම සදහා රටේ නීති සම්පාදන ක්රියාවලිය වෙනස් කරමින් සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ පළාත් සභා ඡන්දය කල් දැමීම සදහා ආණ්ඩුව ඡන්ද නීතිය වෙනස් කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය, ඔවුන්ට සහය දක්වන ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා එක්ව කටයුතු කළ බව ද හිටපු ජනාධිපතිවරයා ප්රකාශ කරනවා.
පළාත් සභා 3 ක් ස්වයංක්රීයව විසිරයාමට දින කිහිපයක් තිබියදී ඡුන්ද ක්රමය වෙනස් කරමින් මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම මගින් ආණ්ඩුව ඡන්ද පැවැත්වීමෙන් වැළකී සිටීමට ඕනෑම පියවරක් ගන්නේ යැයි පැහැදිලි වන බවයි ඔහු සදහන් කරන්නේ.
ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙලට එරෙහිව ජනතාව සංවිධාන විය යුතු බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Follow US
Most Viewed Stories