සයිටම් නිසා අඩපන වු රෝහල් සහ පාසල් අද යලි වැඩ

Friday, 22 September 2017 - 7:47

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%B1+%E0%B7%80%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ රෝහල්වල දියත් කළ වැඩවර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ (21) උදෑසන අටට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 8.00 ට අවසන් කිරීමට නියමිතයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය සමිති රැසක් මෙම වර්ජනය ආරම්භ කළා.

වර්ජනය හේතුවෙන් රෝහල්, පාසල් සහ සරසවිවල දෛනික කටයුතුවලටද ඊයේ බාධා එල්ල වී තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ අද සංකේත වැඩවර්ජනය නිමා කළද ඉදිරියේදී තවත් තීරණාත්මක පියවරකට එළඹෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories