ගිනස් වාර්තාවට පාසල් ළමයින් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් (ඡායාරූප)

Friday, 22 September 2017 - 13:12

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මංගල උත්සවයකදී දිගම ඔසරි පට සහිත සාරිය හැඳ ගිනස් වාර්තාවක් තැබීම සඳහා පාසල් ළමයින් 250 ක් යොදා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ළමා රක්ෂණ අධිකාරිය පවසනවා.   

මෙම ක්‍රියාවට ගුරු සංගම් ද චෝදනා කර තිබුණා.

දිගම ඔසරි පොට සහිත සාරිය හැඳ ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් මනාලියක් ඊයේ (21) මහනුවර - ගන්නොරුව ප්‍රදේශයේදී සිය මංගල ගමන අරඹනු ලැබුවා.

ලොරි රථයක පටවාගෙන පැමිණි මෙම ඔසරි පට මාර්ගයේ එක පෙලට සිටවා පාසල් සිසුවියන් 250 ක පිරිසක් යොදවා එය දිගහැර තිබුණා.

අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසකුයි මේ සඳහා යොදාගෙන ඇත්තේ.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායකද එක්ව සිටියා.

කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා සඳහා පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි ගුරු සංගම් චෝදනා කර තිබුනේ.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාද වන සරත් ඒකනායකගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ ඊට සහභාගි වූ පාසල් ළමයින්ගේ දෙමව්පියන්ගෙන් පැමිණිල්ලක් ලදහොත් ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදුකරන බවයි. 









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories