හිටපු ජනපතිගේ නිල නිවසට ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයා රිමාන්ඩ්

Friday, 22 September 2017 - 15:42

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිල නිවසට තියුණු ආයුධයක් රැගෙන ඇතුළු වීමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු ඊයේ (21) හිටපු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, ඊට ආරක්ෂක නිලධාරීන් ඉඩ සලසා නැහැ.

පසුව තමන් සතුව තිබූ තියුණු ආයුධයක් ගෙන, එය පෙන්වමින් සියදිවි හානිකර ගන්නා බව ඔහු පුද්ගලයා ප්‍රකාශ කර තිබුණා.

අනතුරුවයි එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ.

සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචි දොන් අසංක වීරසිංහ නමැති අවුරුදු 30ක් පමණ වයසැති පුද්ගලයෙක්.

ඔහු මීට පෙර පැවිදි වී සිටි අයෙකු බවද පොලිසිය ප්‍රකාශ කළා.

අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගෙන් විමසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා හමුවීමට ගියේ ඇයිද යන්නයි.

එය උසාවියටවත් කිව නොහැකි අතිශය පෞද්ගලික කාරණයක් බව සැකකරු සඳහන් කළා.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණය පොලිසියට අද නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories