පළාත් සභා සීමානිර්ණයට ගූගල් සහය

Saturday, 23 September 2017 - 13:09

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනතට අදාළව නව සීමානිර්ණ කටයුතු සඳහා ගූගල් සිතියම් ව්‍යාපෘතියේ සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බව  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කළේ ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවයි.

නව පනතට අදාළව සීමානිර්ණය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මීට අමතරව සීමානිර්ණ කටයුතු වේගවත් කිරීම සඳහා තවත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ පෙරවරුවේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට කැදවා විශේෂ සාකච්ඡාවක් ද සිදුකර තිබුණා.

එහිදී ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය සහ මාර්තු මාසය නිමවීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි කථානායකවරයා ඉල්ලා ඇත්තේ.

රජය පාර්ලිමේන්තුවට ලබාදී ඇති පොරොන්දු ප්‍රකාරව අදාළ මැතිවරණ පවත්වන ලෙස කථානායකවරයා මෙහිදී ඉල්ලා සිටි බව සඳහන්.

මේ අතර, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට ඊයේ පස්වරුවේ කථානායක කරු ජයසූරිය අත්සන් තබා තිබෙනවා.

පසුගිය 20 වන දා අදාළ පනත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ බහුතරයක් සහිතව සම්මත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories