නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව, මහනායක හිමිවරුන්ට පිළිගන්වයි

Saturday, 23 September 2017 - 13:33

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව රජය විසින් අද මහානායක හිමිවරුන් වෙත පිරිනමනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පෙරවරුවේ මෙම අතුරු වාර්තාව මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා ද මහනායක හිමිවරුන් මුණ ගැසීමට නියමිත බවයි.

පසුගිය 21 වන බ්‍රහස්පතින්දා කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අතර, එහිදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම අතුරු වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories