වස්ගමුව රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක්

Saturday, 23 September 2017 - 16:36

%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද උදෑසන 7.15 සිට පස්වරු 2.15 දක්වා වස්ගමුව රක්ෂිතයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ට අයත් අවි ආයුධ ගබඩාවෙන් අවි සොරකම් කිරීමේ සිද්ධියට අදාළවයි මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

ඊට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් 29 දෙනෙකු සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 26 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම ආයුධ සොරකම සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා පොලිස් කණ්ඩායම් 4 ක් ඔස්සේ විමර්ශණ සිදු කෙරෙමින් පවතින බවයි.

ආයුධ ගබඩාවේ තිබූ ටී.56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ බෝර 12 පතොරම් තුවක්කු දෙකක් මෙන්ම ටී 56 මැගසින් 2ක් සහ ඊට යොදන උණ්ඩ 5ක් ද මෙලෙස පැහැර ගෙන ගොස් තිබුණා.

සිද්ධිය වන අවස්ථාවේ ආයුධ ගබඩාවේ ගිනි අවි 10 කට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර තිබූ බවයි වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නිලධාරියෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories