මාර්ග නීති කඩන රියදුරන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළිවෙල ඇරඹෙයි (ඡායාරූප)

Saturday, 23 September 2017 - 17:29

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩසටන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුනා.

ඒ කොළඹ නෙලුම් පොකුණ අසලින්.

පොලිසිය සඳහන් කළේ අද සිට සති කිහිපයක් පුරා කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මෙහිදී සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් තොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කර මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් නිරීක්ෂණය කිරීම පළමුව සිදු වනවා.

අනතුරුව මාරගයේ රථ වාහන රාජකාරී සඳහා යොදවා සිටින සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ට අදාළ තොරතුරු දැනුම්දී එම වාහන නවතා නීතිමය පියවර ගැනීමයි සිදු කෙරෙන්නේ.

රථ වාහන අනතුරු අවම කරමින් විනයගරුක රියදුරන් බිහි කිරීමේ වැඩපිළිවෙලේ එක් අධියරක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙන බවයි පොලිසිය සඳහන් කළේ.

විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙලක් ද පොලිසිය මේ දිනවල ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර පොලිසිය නිවේදනය කළේ පසුගිය වසරේ රිය අනතුරු 2837 ක් වාර්තාවී ඇති බවයි.

මෙම වසරේ පෙරේදා දිනය වන  විට පමණක් රිය අනතුරු 2118 ක් ද වාර්තාවී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories