එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් යොවුන් පෙරමුණේ රැස්වීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ හිටපු අමාත්‍ය ජා-ඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජෝශප් මයිකල් පෙරේරාට රැස්වීම ඇමතීමට අවස්ථාව ලබානොදීමත් සමගයි.
අද (23) පෙරවරු 11 ට පමණ ආරම්භ වු මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයන් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක සහ තුෂාර ඉදුනිල්.
ඔවුන් රැස්වීම අමතා අවසන් වීමෙන් පසුව සභාව විසිර යාමට පෙර එහි පැමිණ සිටි හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා තමන්ට ද එය ඇමතීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර, එම අවස්ථාව නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට සහ සංවිධායක මණ්ඩලයට බැන වැදුණේ තමන්ට කතාවක් ලබානොදීම වැරදි ක්‍රියාවක් බව පවසමින්.
පසුව රැස්වීම සදහා ඔහු වේදිකාවට නැගුන ද ඒ වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තිබුණා.
පැමිණ සිටි පිරිස සභාවෙන් විසිර යන අතරතුර හිටපු අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් නව ආසන සංවිධායකවරයාට සුබ පතන බව සදහන් කළා.
අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගෙන් ද විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තේරුම් ගැනිමේ නොහැකියාව මත මෙය සිදුවූ බවයි.

Follow US
Most Viewed Stories