ඇමරිකාව ප්‍රහාරයකට අත වනන බව උතුරු කොරියාව කියයි

Sunday, 24 September 2017 - 10:33

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තම නායක කිම් ජොං අන්ට රොකට් මිනිසා සහ උන්මත්තකයෙකු ලෙස හඳුන්වමින් ජනාධිපති ට්‍රම්ප් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ ඇමරිකානු භූමියට උතුරු කොරියානු මිසයිල කැඳවීමක් බව එරට විදේශ අමාත්‍යවරයා ජගත් සංවිධානයේදී ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ උතුරු කොරියානු විදේශ ඇමති රී යොන් හෝ කියා සිටියේ තම නායකයා නොව, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, දිවිනසා ගැනීමේ මෙහෙයුමක නිරතවන බවයි.

එමෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලය සම්පූර්ණවීමට තවත් ඇත්තේ පියවර කිහිපයක් පමණක් බව ඔහු කියා සිටියා.

මේ අතර ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් වෙන්කරන දේශසීමාව ආසන්නයට පියාසර කළ බව පෙන්ටගනය ප්‍රකාශ කළා.

ගුවාම් දිවයිනෙන් සහ ජපානයේ ඔකිනාවා කඳවුරෙන් නික්මුණු ඇමරිකානු ගුවන් හමුදාවේ බී එක බී සහ එෆ් 15 සී ඊගල් ප්‍රහාරක යානා උතුරු කොරියානු නැගෙනහිර වෙරළේ ජාත්‍යන්තර ගුවන් තලයේ සැරිසැරූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රදේශයට 21 වන සියවසේදී ඇමරිකානු ප්‍රහාරක යානා ඇතුලූවූ පළමු අවස්ථාව මෙයයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිලිවෙල සම්බන්ධයෙන් එරට නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දැඩි විරසකයක් පවතින අවස්ථාවක මෙය වාර්තාවීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories