රාත්‍රී සමාජ ශාලාවක සේවයකළ පහළොස් හැවිරිදි දැරියක් සොයාගනී

Monday, 25 September 2017 - 10:29

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පහළොස් හැවිරිදි දැරියක් රාත්‍රී සමාජ ශාලාවක සේවයේ යොදවා සිටියදී සොයාගත් බව වැලිකඩ පොලිසිය පවසනවා.

රාත්‍රී සමාජ ශාලාවේ අනෙකුත් කාන්තාවන් සමග මෙම දැරියද අඩ නිරුවතින් නර්තනයේ යෙදී ඇති බවට ලැබුන තොරතුරක් අනුවයි මෙම සොයාගැනීම සිදුව තිබෙන්නේ.

දුම්මලසූරිය පොලිස් වසමේ පදිංචි මෙම දැරිය තවමත් තවමත් පාසල් යන දැරියක් බවයි වාර්තාවන්නේ.

මෙම දැරිය ලිංගික අතවරයකට ලක්ව ඇතිදැයි සොයාබැලීම සඳහා ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

හොදින් දන්නා හදුනන 18 හැවිරිදි තරුණයෙක් මෙම දැරිය විවාහ මංගල උත්සවයකට රැගෙන ගොස් ඇති බවත් ඉන් අනතුරුව ඇය නිවසට නොපැමිණි බවත් ඇයගේ දෙමාපියන් දුම්මලසූරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී දැරිය වැලිකඩ පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක රඳවාගෙන සිටින බවට හෙළිව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව වැලිකඩ පොලිසිය අදාළ රාත්‍රී සමාජ ශාලාව වටලා දැරිය සොයාගෙන ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන එම දැරිය දුම්මලසූරිය පොලිසියට බාරදී තිබෙනවා.

මෙම දැරිය රැගෙන ගිය බව කියන තරුණයා අත්අඩංගුවට ගැනීම‍ට පොලිස් පරීක්ෂණ පවත්වනවා.

මෙම දැරිය පොලිසියට කළ ප්‍රකාශයට අනුව විවාහ මංගල උත්සවයකට රැගෙන ගිය පසුගිය 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ඇය අදාල රාත්‍රී සමාජ ශාලාවේ තබාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ඇය අනෙකුත් කාන්තාවන් සමග අඩ නිරුවතින් නර්තනයේ යෙදීමට සිදු වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම රාත්‍රී සමාජ ශාලාවට පැමිණි මැදි වයසේ පුද්ගලයෙක් මෙම දැරිය ලිංගික ක්‍රියා සඳහා මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් ඉල්ලා ඇති බවත් එම සේවකයා එලෙස මෙම දැරියව මැදි වයසේ පුද්ගලයාට දීමට ගිය අවස්ථාවේ තවත් සේවකයෙකු එයට විරුද්ධ වූ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාල රාත්‍රී සමාජ ශාලාවේ ගණිකා සේවයේ යෙදුනු බව කියන රූමත් කාන්තාවන් 05 දෙනෙකු සහ සේවකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories