හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ අද චෝදනා කියවා දෙනු ලැබුවා.
ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති තනතුරක් ඇති කර ඒ සඳහා සිය පුද්ගලික ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම සිද්ධියට චෝදනා ලැබ සිටි එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව කටයුතු කළ පියංකර ජයරත්නට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට අද පෙරවරුවේ චෝදනා පත්‍ර බාර දී ඇති අතර මෙම නඩුව දෙසැම්බර් මස 04 වනදා විභාගයට ගැනීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මොවුන් මෙම චෝදනාවලට දැනට ඇප මත මුදා හැර සිටිනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ පුද්ගලික ලේකම් ලෙස තනතුරක් ඇති කර 2011 වසරේ අගෝස්තු මස 16 වනදා සිට 2012 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය තුල ඒ සඳහා සිය පෞද්ගලික ලේකම්වරයා පත් කිරීම සම්බන්ධයෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට චෝදනා එල්ල වනවා.
එමෙන්ම ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය පෙළඹවීම ඇතුළු චෝදනා 05ක් යටතේයි අල්ලස් කොමිසම මොවුන්ට විරුද්ධව පසුගිය ජූනි මාසයේ 08 වනදා මෙම නඩුව පවරනු ලැබුවේ.

Follow US
Most Viewed Stories